Wednesday, February 23, 2011

Lanka e News ගිනිබත් කිරීම සහ අපගේ ශ්‍රේෂ්ඨ සිංහල ශිෂ්ඨාචාරය

Lanka e Nws ට එල්ලවූ ම්ලේච්ජ ප‍්‍රහාරය හෙලාදකිමු…..



අප මේ පසුකරමින් සිටින්නේ අපගේ ශ්‍රේෂ්ඨ සිංහල ශීෂ්ඨාචාරයේ ස්වර්ණතම යුගයයි . මාධ්‍යවේදීන්ගේ ඔලූ කටු කුඩුවී යන ලෙස වෙඩි තබා ඝාතනය කිරීමෙන්, මාධ්‍යවේදීන් අතුරුදන් කිරීමෙන්, මාධ්‍යවේදීන්ට පහර දී ඔවුන්ගේ දෙපා තුනට හතරට කඩා දැමීමෙන් සහ මාධ්‍ය ආයතන සම්පූර්ණයෙන්ම ගිනිබත් කරදැමීමෙන් අපගේ ශ්‍රේෂ්ඨ සිංහල ශිෂ්ඨාචාරයේ උරුමය සහ අභිමානය එහි වර්තමාන ආරක්ෂකයින් විසින් අන් කිසිකලක නොවු විරූ ලෙස පරමත්වයට නන්වමින් සිටියි. ඈත ගම්වල දිළිදු දෙමාපියන්ට දාව උපන් “වීරෝදාර රණවිරුවන්” දිවිපුදා ගොඩනැගීමට දායක වු  අපගේ ගේ‍්‍රෂ්ඨ සිංහල ශිෂ්ඨාචාරයේ වර්තමාන ස්වර්ණමය යුගය මෙවැන්නකි. 

ලංකා ඊ නිව්ස් කාර්යාලය ගිනි තබා සම්පූර්ණයෙන් විනාශ කිරීමට එරෙහිව මාධ්‍ය සංවිධාන එකතතුව විසින් සංවිධානය කරනු ලබන උද්ඝෝෂණයක් හෙට(01) දහවල් 12.00 ට කොළඹ ලිප්ටන් වටරවුමේ දී පැවැත්වේ.

No comments:

Post a Comment