Wednesday, February 23, 2011

මල් නොවේ ගල් තුහින මේවා




 
හිතින් සමනළ කන්ද                 වැදලා
කඳු කපා බිම                             සැදුවා
උදුවප් සද වගේ                      සැදෙනා
රාබු අල සිපගන්න                   සිතුණා

මල් තුහින වෙඩි වගේ              වැටුණා
හීන හත ගල් ගැහී                     මිදුණා
කොළ දැවී නාරටියටත්              රිදුණා
හීතල ද ගිනි අරන්                     තිබුණා

අල වගේමයි                              ගෝවා
කැරටි කහ පාට                        නැතුවා
ලේ පැල්ලමක්                           තියලා
බීට් වෙඩි වැදී                             හිටියා

මල් නොවේ ගල් තුහි                මේවා
කිහිරගුරු රැසක් මෙන්            දැවුණා
මල් කඩා පාගලා                       දමලා
හිම වලින් සොහොන්කොත    බැන්දා

- ලක්ෂාන් මධුරංග වික‍්‍රමරත්න

No comments:

Post a Comment